Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බෞද්ධ විශ්වවිද්‍යාල 02 අධ්‍යාපන අමාත්‍යංශය යටතට

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීමට ජාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරයි.
 
ජනාධිපතිතුමා මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජනාධිපති බෞද්ධ උපදේශන සභාවේ 5 වැනි සභා වාරයේ දී මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදියි.
 
මෙහිදී එම විශ්වවිද්‍යාල දෙක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පත්කිරීමේ හැකියාව පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී තිබෙ.
 
රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් කිරීමේදී බෞද්ධ උපදේශන සභාවේ අනුශාසනා පාදක කරගත් අතර රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී ඉදිරියටත් මහා සංඝරත්නයේ මගපෙන්වීම ජනාධිපතිතුමා අපේක්ෂා කරයි. දහම්පාසල්, භික්ෂු අධ්‍යාපනය, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල ඒවායේ උන්නතිය උදෙසා එක් රාජ්‍ය අමාත්‍යාංශයක ඝෘජු අධීක්ෂණයට පත් කර ඇත.
 
ශ්‍රී ලංකාවේ වර්තමාන පිරිවෙන් අධ්‍යාපනයේ ගැටළු නිරාකරණයට හා දහම් පාසල් අධ්‍යාපනය ක්‍රමවත් වැඩපිළිවෙළක් සහ නියාමනය තුළින් ගුණාත්මක තත්ත්වයට පත් කිරීමට රජය ගන්නා උත්සාහයට මහා සංඝරත්නය ප්‍රසාදය පළ කළහ.
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();