Header Ads Widget

පස්දෙනෙකුට මරු කැඳවු අලව්ව රිය අනතුර

 
අලව්ව ප්‍රදේශයේ කුරුණෑගල - කොළඹ මාර්ගයේ වළකුඹුර ප්‍රදේශයේදී අද (22) අළුයම 04.05ට පමණ  සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ.
 
ටිපර් රථයක් සහ කුඩා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.
 
කුරුණෑගල සිට අලව්ව දෙසට ගමන් කරමින් තිබූ ටිපර් රථයක් සහ අලව්ව දෙස සිට කුරුණෑගල දෙසට ගමන් කළ මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.
 
වරකාපොල ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී යළි නිවෙස් වෙත ගමන් කරමින් සිටි පිරිසක් මෝටර් රථයේ සිට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();