Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපති උපදෙස් අනුව MCC පිළිබද ඇමතිවරුන්ගේ අදහස් කැබිනට් මණ්ඩලයට

MCC ( මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්) ගිවිසුම පිළීබඳ කමිටුවේ  අවසන් වාර්තාව සම්බන්ධයෙන් ඇමැතිවරුන්ගේ අදහස් හා යෝජනා වෙන් වෙන්ව ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නැයි ජනාධිපති ගෝඨාශය රාජපක්ෂ මහතා   ඇමැතිවරුන්ට දැනුම් දී ඇත.
 
කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද කමිටුව  මේ පිළීබඳව පසුගියදා සිය අවසන් වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ අතර එය  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ  (01) අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බව තොරතුරු සහ ජනමාධ්‍ය ,උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි.
 
එම සම්පූර්ණ වාර්තාවේ ඇතුළත් නිර්දේශ පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ සියලුම සාමාජිකයින්ගේ අදහස් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල හමුවේ දී තීරණය වූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි, රටේ ස්වාධීනත්වයට තර්ජනයක් වන ,ආර්ථිකයට තර්ජන එල්ලවන මොනම ගිවිසුමකටවත් අත්සන් නොකිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව සඳහන් කළ ආචාර්ය  බන්දුල ගුණවර්ධන මහතා, තවදුරටත් ප්‍රකාශ කළේ, වත්මන් රජය සෑම රාජ්‍යයකටම පොදු විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.
 
  බුද්ධිකා ඉඹුලාන, සිතාරා සේනානි

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();