Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හිටපු මන්ත්‍රී නිමල් ආර් පීරිස් ව අත්අඩංගුවට.

රුපියල් 113,460ක තැපැල් ගාස්තු අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිමල් ආර් පීරිස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ කාලයේ තලවතුගොඩ තැපැල් කාර්යාලයෙන් තැපැල් මුද්‍රා යන්ත්‍රයක් ලබා ගෙන ඇති බවත් එම යන්ත්‍රයේ මුද්‍රා කඩා දත්ත වෙනස් කර මහ මැතිවරණයට අදාළ ප්‍රචාරණ පත්‍රිකා තැපැල් කර ඇති බව පොලීසිය පවසයි. කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත තලංගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත සිදු කළ පරීක්ෂාවකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

The post හිටපු මන්ත්‍රී නිමල් ආර් පීරිස් ව අත්අඩංගුවට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();