Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කන්දකාඩුවේ තවත් උපදේශකයෙකුට කොරෝනා

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ රාජාංගනයේ පදිංචි තවත් උපදේශකවරයෙකුට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වී තිබේ.
 
යුද හමුදාපතිවරයා පැවසුවේ, ළමුන් 70 දෙනෙකු ඇතුළු ඔහුගේ ආශ්‍රිතයින් 300 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි.
 
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කන්දකාඩු ප්‍රදේශයේ පිහිටි මෙම ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය අධිකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අතර එහි අධිකරණ නියෝග මත පුනරුත්ථාපනය සඳහා යොමු කළ මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූ පුද්ගලයින් සහ කාර්යය මණ්ඩලයේ සාමාජිකයින් 1150 ක පමණ පිරිසක් රැඳී සිටිති.
 
එහි ප්‍රතිකාර ලබා වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ රැඳවියෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව මධ්‍යස්ථානයේ සිටි සියලු දෙනා PCR පරීක්ෂාවට ලක්කෙරිණ.
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();