Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නාකොටික් කල්ලිය කුඩු විකුණන ගමන් සල්ලිත් අච්චු ගහලා!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අමතරව ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ ජාවාරමක ද නිරත වී ඇති බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (08 වැනිදා) අනාවරණය විය.

ඒ සම්බන්ධයෙන් දැනටමත් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග අධිකරණය හමුවේ පෙනී සිටී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න වෙත දැනුම් දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගත් තොරතුරු මත, සැකකරුවන් කිහිප දෙනෙකු සන්තකයේ තිබී ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු තිස් එකක් සොයා ගත්තා. ඒ අනුව මෙම සැකකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව, ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ ජාවාරමක නිරත වී ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනම පරීක්ෂණයක් පවත්වනවා’’ යැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.



from රට තොට – Colombo Tribune https://ift.tt/2ZdJTF6
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();