මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල අද රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා. එම අධිකාරියේ රන් ප්‍රමාණ නිශ්චය කිරිම හා මුද්‍රා තැබීමේ සහකාර අධ්‍යක්ෂක ඉන්දික බණ්ඩාර සඳහන් කළේ රන් සංචිත අඩු විම හේතුවෙන් මෙලෙස රත්ත්‍රන් මිල ඉහල ගොස් ඇති බවයි.
කැරට් 22 රන් පවුමක වෙළදපල මිල අද දිනයේදී රුපියල් 93,000ක අගයක් ගෙන ඇති බවත් එය ඊයේ දිනයට සාපේක්ෂව රුපියල් 6000කින් පමණ ඉහළ ගොස් ඇති බවද ප්‍රකාශ කර සිටියා.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට රත්ත්‍රන් පැමිණීම අඩාල වී ඇති බවත් යලි ගුවන් සේවා ඇරඹීමෙන් පසු රන් මිලෙහි ස්ථාවරත්වයක් ඇති වනු ඇති බවයි සහකාර අධ්‍යක්ෂක ඉන්දික බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළේ.
කොරෝනා වසංගතය ආරම්භයේදී කැරට් 22 ක රන් පවුමක මිල මෙරට වෙළදපලේ පැවතියේ රුපියල් 82,000 -84,000 අතර මිලකටය.
from රට තොට – Colombo Tribune https://ift.tt/38Efvqt
tribune

0 Comments