Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විඳවන ජීවිතය වෙනුවට සතුටින් විඳින ජීවිතයක් සඳහා ජාතික ජන බලවේගය සමග එකතු වෙන්න.

පහුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ අපි දැක්කා, ලංකාවේ තරුණ තරුණියෝ එක පෙළට ඉඳගෙන රට පුරා තාප්පවල චිත්‍ර අඳිනවා. ඒ හැම චිත්‍රයකින්ම මතු කරපු පොදු කාරණයක් තියෙනවා. ඒ කියන්නේ තරුණ තරුණියන්ට සතුටින්, තෘප්තියෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් තමයි ඔවුන්ගේ ප්‍රාර්ථනය වූයේ. එම චිත්‍ර හරහා ඔවුන් අලුත් රටක සිහින මැව්වා. තාරුණ්‍යය බබලවන රටක් හැදෙයි කියලා ඔවුන් හිතුවා. නමුත් අද ඒ සියලු සිහින ඔවුන් දෙපා මුලම බිඳ වැටිලා. මේ අවධිය වනවිට රටේ තාරුණ්‍යය දේශපාලනයෙන්, සමාජයෙන්, ආර්ථිකයෙන් විතැන් කරමින් ඉන්නවා. රටේ නිෂ්පාදන ක්‍රියාවලියක් නොතිබෙනවා මෙන්ම තිබෙන එක තුළවත් තාරුණ්‍යයට අවස්ථා නැහැ. අපි මතක තබාගත යුතු කාරණයක් නම් මීට දශක කිහිපයකට පෙර මේ රටේ දේශපාලනයේදී සක්‍රියම වුණේ තරුණ කොටස් කියන එක.

අද ලක්‍ෂ 35ක් රටේ තරුණ තරුණියන්ට රැකියා නැහැ. ගෝඨාභයලා ජනාධිපතිවරණ වේදිකාවේදී කිව්වා විවාහ වුණාම අලුත් ගෙයක් දෙනවා කියලා. මහින්ද මහත්තයා කිව්වා අලුතෙන් බඳින්න යන ජෝඩුවකට ලක්‍ෂ දෙක හමාරක් දෙනවා කියලා. ඒ නිසා කසාද බඳින තරුණ තරුණියන්ට ඡන්දෙන් පස්සේ කසාද බඳින්න කිව්වා. ඒ වගේම රනිල්ලා කිව්වා, කසාද බඳින හැම යුවලකටම කාර් එකක් පහසු මිලට ලැබෙන්න සලස්වනවා කියලා. ස්මාට් ෆෝන් දෙනවා කිව්වා. මේ දෙගොල්ලොම එකතු වෙලා රටේ තාරුණ්‍යය විහිළුවටත් හෑල්ලුවටත් ලක් කළා. පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මොනවද කිව්වේ? තරුණ තරුණියන් පෝලිම් ගස්වලා උස නම් සිකියුරිටි ජොබ් එක දෙනවා කිව්වා. මිටි නම් කම්කරු රැකියා දෙනවා කිව්වා. ඒ විධිහට තමයි ඔවුන් ප්‍රසිද්ධියේම මේ රටේ තරුණ පරපුරට අවමන් කළේ.
නවීන සමාජයේ කොටස්කරුවන් වෙන්න තරුණයන්ට අවශ්‍යයි. අපි තරුණයන්ගෙන් ඉල්ලා සිටින්නේ ගතානුගතික පොරොන්දු දේශපාලනයේ ගොදුරු බවට පත්වෙන්න එපා කියලා; අලුත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම සඳහා අලුත් දේශපාලන ගමනක් යන්න අපිත් එක්ක අත්වැල් බැඳගන්න කියලා. කොළ, නිල් පාලකයෝ දෙගොල්ලම එකතු වෙලා කළේ මේ රටේ තරුණ  තරුණියන් විනාශ මුඛයට ඇදගෙන යන එකයි. ඒ හැර රට ගොඩනගා තාරුණ්‍යයට නිසි අවස්ථා නිර්මාණය කරන සැලැස්මක් ඔවුන් සතුව නැහැ. අද එවැනි සැලැස්මක් රටට ඉදිරිපත් කරලා තියෙන්නේ ජාතික ජන බලවේගය පමණයි එනිසා අපි රටේ තරුණ තරුණියන්ට කියනවා, ඔබ ඔය විඳවන ජීවිතයෙන් මිදී ජීවිතය සතුටින් විඳීමට නම් ජාතික ජන බලවේගය සමග එකතු වෙන්න කියලා; වැඩි තරුණ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න කටයුතු කරන්න කියලා.

 

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක විජිත හේරත්.

The post විඳවන ජීවිතය වෙනුවට සතුටින් විඳින ජීවිතයක් සඳහා ජාතික ජන බලවේගය සමග එකතු වෙන්න. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();