Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ට්‍රම්ප් ප්‍රථම වරට ප්‍රසිද්ධියේ මුහුණු ආවරණයක් පළඳයි

 
කොරෝනා වසංගතය ආරම්භ වීමෙන් පසු ප්‍රථම වරට ප්‍රසිද්ධියේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුහුණු ආවරණයක් පළඳ පැමිණ තිබේ.
 
ජනාධිපති ට්‍රම්ප් මෙලෙස මුහුණු ආවරණයක් පැළඳ පැමිණ සිටියේ මේරිලන්ඩ් හි වෝල්ටර් රීඩ් ජාතික හමුදා රෝහල වෙතටයි. 
 
රෝහලේ සිටියදී මුහුණු ආවරණයක් පැළඳ සිටීම සුදුසු දෙයක් බවට ඔහු ප්‍රකාශ කර තිබුණි. 
 
''මම හිතන්නේ ඔබ රෝහලේ සිටින විට අනිවාර්යයෙන්ම මුහුණු ආවරණයක් පැළඳ සිටිය යුතුයි. එය මට මෙන්ම ඔබටත් අපහසුවක් නොවනු ඇති.''
 
මෙම වසංගතය ආරම්භයේ සිටම මෙලෙස මුහුණු ආවරණයක් පැළඳීම ජනාධිපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර තිබුණු අතර ඔහුගේ නිලධාරීන් නිරන්තරයෙන් දැනුවත් කර තිබුණේ ආරක්‍ෂිත පියවරක් ලෙස මුහුණු ආවරණයක් පළඳින ලෙසයි. 
 
මේ වන විට ඇමරිකාව තුළ කොරෝනා වෛරසය ආසාදනය වූවන් 3,225,721වාර්තා වී තිබෙන බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාල වාර්තා පෙන්වාදෙයි.  මරණ 137,000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙ. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();