
” අපි මෑතකදිත් කිවුවා අපි ජනතා විමුක්ති පෙරමුණ සමග වැඩ කරන්න කැමතියි. හැබැයි මැතිවරණ වේදිකාවල නෙවෙයි. මැතිවරණ සංධාන නෙවෙයි. අපි ඒ ගොල්ගොයි ප්‍රතිපත්ති වෙනස්. අපි සමාජවාදී ප්‍රතිපත්තියෙ. අපි නියොජනය කරන්නේ රෝහණ විජේවීර සහෝදරයගේ සදාජවාදී වැඩ පිළිවෙල. ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදී වැඩපිළිවෙළ අතහැරලා. ඒකේ දැන් ඉන්න නායකයො කියනවා හොද මිනිස්සු පාර්ලිමේනතු යවන්න. එතකොට මේ ක්‍රමය හොද වෙනවා කියන විශ්වාසයෙන් තමයි ඒ අය වැඩ කරන්නේ “යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් පවසයි.
මෙම ක්‍රමය එසේ වෙනස් කළ නොහැකි බවත් එය අපි සැවොම අත්දැකීමෙන්ම දන්නා බවද ඔහු පැවසීය. ජනතා විමුක්ති පෙරමුණේ තමන් සිටින කාලයේ චන්ද්‍රිකා සමග සන්ධානයක් සැදු බවත් මහිනද රාජපක්ෂ ජනාධිපති කළ බවත් ඒත් කිසිදු වෙනසක් සිදු නොවු බවත් මෙම ක්‍රමය වෙනස් කල හැක්කේ සමාජවාදී වැඩ පිළිවලකින් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මෙම අදහස් පලකළේ පසුගියදා කෑගල්ලේ පැවැති ජනහමුවකදීය.
The post ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදී වැඩපිළිවෙළ අතහැරලා. appeared first on Lanka News Column.

0 Comments