
පවතින වාතාවරණය මත සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශ සහ නිරෝධායනය වන නිවෙස් වෙත නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු ඊයේ දිනයෙන් ආරම්භ කෙරුණු අතර සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශ සහ නිරෝධායනය වන කිසිදු නිවසක් වෙත නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරී සිදුනොකළ බව තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කරයි. මෙම ප්‍රදේශ සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිමේ කටයුතු ඉදිරි දිනක දී සිදුකිරීමට නියමිතය.
The post සංචරණ සීමා සහ නිරෝධායනය වන නිවෙස් වෙත ඡන්ද පත්‍රිකා බෙදාහැරීම තාවකාලිකව නවතයි appeared first on Lanka News Column.

0 Comments