Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සතුන්ගෙන් බෝවන රෝගයන්ගේ වර්ධනයක්

7 ජූලි, 2020

සතුන් ආශී‍්‍රතව වර්ධනය වී පසුව සතුන් මගින් මිනිසාට බෝවන රෝග සම්බන්ධයෙන් ඉහළ යාමක් දක්නට ලැබෙන බව අමෙරිකානු විශේෂඥයින් පිරිසක් අනාවරණ කර තිබේ.

ඔවුන් පවසන්නේ, සත්ත්ව ප්‍රෝටීන සඳහා ඇති අධික ඉල්ලූම, අක‍්‍රමවත් කෘෂිකාර්මික ක‍්‍රම මෙන්ම කාලගුණ විපර්යාස හේතුවෙන් කොවිඞ් 19 වැනි මෙවැනි රෝග බෝවීම ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව සතුන් මගින් බෝවන එහෙත්, මිනිසුන් විසින් නොසලකා හැර ඇති රෝග මගින් වසරකට පුද්ගලයින් මිලියන 02 ක් පමණ මියයන බවයි එම අමෙරිකානු විශේෂඥයින් පිරිසක් අනාවරණ කර ඇත්තේ.

මෑත කාලීනව ලෝකයට දරුණු බලපෑම් එල්ල කළ එබෝලා සහ සාර්ස් වැනි රෝග ද දැනට ලෝකය පුරා ව්‍යාප්තවී ඇති නව්‍ය කොරෝනා වෛරසය ද මෙලෙස  සතුන්ගෙන් මිනිසාට සම්පේ‍්‍රෂණය වූ වෛරස් කාණ්ඩවලට අයත්.

එවැනි වෛරස් වසංගත තත්ත්වයන් දක්වා වර්ධනය වීමෙන් සිදුවන ආර්ථිකමය හානිය දශක ගණනාවක් පුරා බලපෑම් එල්ල කරනු ඇති බවටයි.



from silumina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();