Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මැතිවරණය සඳහා සේවකයන්ට අවශ්‍ය නිවාඩු ලබා දීම ගැන කොමිසමෙන් නිවේදනයක්

ඡන්දය ප්‍රකාශ කිරීමට කිසියම් සේවා නියුක්තිකයෙකු විසින් ලිඛිත ඉල්ලීමක් කල විට ප්‍රමාණවත් යැයි සළකනු ලබන කාලයක් නිවාඩු දීමට සේවා යෝජකයන් විසින් කටයුතු කල යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.  
 
මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සේවා නියුක්තිකයෙකු විසින් ඉල්ලා සිටින නිවාඩු ලබා නොදීම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නඩු පවරා දඩුවම් දිය හැකි වරදක් බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
 
මේ වෙනුවෙන් පැය 4 කට නොඅඩු කාලයක් වැටුප් අහිමිවීමකින් තොරව නිවාඩු දිය යුතු බව පාර්ලිමේන්තු මැතිවරණ පනතේ දැක්වේ.
 
ලබන අගෝස්තු 05 වනදා පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා කිසියම් සේවා යෝජකයෙකු නිවාඩු ලබාදීම ප්‍රතික්ෂේප කරන්නේ නම් වහාම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ නියෝජ්‍ය , සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට දන්වන ලෙසට ඉල්ලීමක් කරයි.
 
අනතුරුව එම පැමිණිල්ල දිස්ත්‍රික් කම්කරු කොමසාරිස්වරයාට යොමු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටියි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();