Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කන්දකාඩු රැඳවියන් බැලීමට පැමිණි 116ක් ගැන සෞඛ්‍ය අංශ අවධානයෙන්

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තව තිබෙන කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීම සඳහා පසුගිය දිනවලදී පැමිණි පුද්ගලයන් 116 දෙනෙකු පමණ හඳුනාගෙන තිබෙන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
 
එම සියලු දෙනාම මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර තිබෙන බව යුද හමුදාපතිවරයා සදහන් කළේය.
 
එම පිරිස ගමන් කළ ප්‍රදේශ සහ ගනුදෙනු කළ පුද්ගලයන් සම්බන්ධයෙන්ද අවධානය යොමුකර ඇති බවත් ඒ අනුව ඔවුන් අතර ආසාදිතයන් සිටින්නේද යන්න පිළිබඳව විමසිල්ලෙන් පසුවන බවත් ඔහු පෙන්වා දෙයි. සතියක් ඉක්මයාමට පෙර එවැනි ආසාදිතයන් සිටී නම් ඔවුන් හඳුනා ගැනීමට කටයුතු කරන බව හමුදාපතිවරයා අවධාරණය කරනු ලැබේ.
 
ඒ අනුව කන්දකාඩු පුනරුත්තාපන කඳවුර හරහා සිදු වූ වෛරසයේ ව්‍යාප්තිය ඉතා ඉක්මනින්ම පාලනය වනු ඇති බවට යුද හමුදාපතිවරයා බලාපොරොත්තු පළ කරයි.
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();