Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බච්චන් පවුලටත් කොරෝනා

ඉන්දියාවේ ජනප්‍රිය නළුවකු වන අමිතාබ් බච්චන්, තමන්ට කොරෝනා වැලැඳී ඇති බව පෙරේදා ට්වීටර් පණිවුඩයකින් දැනුම් දී තිබිණි. මේ අතර ඔහුගේ පුත් අභිෂේක් තමන් ද කොවිඩ් 19 පරීක්ෂණයට ධනාත්මක වී ඇතැයි පසුව ට්වීටර් කර ඇත. ඔහු සහ ඔහුගේ 44 හැවිරිදි පුතා මුම්බායි හි රෝහලකට රැගෙන ගොස් තිබේ.

මේ අතර ඊයේ සවස් වන විට අභිශේක් බච්චන්ගේ බිරිය වන අයිශ්වර්යා රායි බච්චන් සහ ඔවුන්ගේ දියණිය වන ආරධ්‍යා බච්චන් ද කොවිඩ් 19 පරීක්ෂණය සඳහා ධනාත්මක වී ඇතැයි ඩීඑන්ඒ වෙබ් අඩවිය වාර්තා කළේය. අනෙක් අතට අමිතාබ්ගේ බිරිය වන ජයා බච්චන්, දියණිය ස්වේතා බච්චන් නන්දා සහ ඇයගේ දරුවන් වන නව්‍යා නවේලි නන්දා සහ අගස්ත්‍යා නන්දා පරීක්ෂණයේ දී ඍණාත්මක වී ඇතැයි වැඩිදුරටත් වාර්තා කරයි.

බුද්ධි කරුණාරත්න

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();