Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මුස්ලිම් භාණ්ඩ වර්ජනයට රටම පෙළ ගස්වනවා….රතන හිමි.

මද්‍රසා පාසල් කාති උසාවි සහ බුර්කාව සතියක් ඇතුළත තහනම් කිරීමට කටයුතු නොකළහොත් ඡන්දය පැත්තකට දමා මුස්ලිම් භාණ්ඩ වර්ජනය කිරීමට කටයුතු කරන බව අපේ ජනබල පක්‍ෂයේ සභාපති අතුරලියේ රතන හිමියෝ පවසයි.

සමස්ත ලංකා ජමෙයිතුල්ලා උලමා සභාව සහ රජය මේ සම්බන්ධයෙන් වහා තීරණයක් ගත යුතු බවත් එසේ නොවුණහොත් එම භාණ්ඩ වර්ජනය කිරීම සඳහා සමස්ත රට පෙළගස්වන බවත් උන්වහන්සේ කියයි. මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නොබෝ දිනකින් සංඝ සම්මේලනයක් කැඳවනු ලබන බවද උන්වහන්සේ කීහ.

පසුගියදා මෙරට ප‍්‍රමුඛ පෙළේ බැංකුවක සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් මුස්ලිම් සමාජයේ ප‍්‍රතිචාර ඉතා කනගාටුදායක බවත් ඔවුන් එසේ හැසිරෙන්නේ නම් ඊට නිසි ප‍්‍රතිචාර දැක්වීම සමාජයේ වගකීමක් බවත් රතන හිමියෝ සඳහන් කරයි.

The post මුස්ලිම් භාණ්ඩ වර්ජනයට රටම පෙළ ගස්වනවා….රතන හිමි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();