කොවිඩ්-19 රෝගය වැළඳුණු 2012 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා තිබේ.
ප්‍රතිශතයක් ලෙස එය 74.60කි. කොවිඩ්-19 රෝගය වැළඳුණු තවත් දස දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා විය.
ඔවුන්ගෙන් තිදෙනෙක් සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන්ය. තවත් තිදෙනෙකු කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වෙ. කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව හඳුනා ගැනුණු කොවිඩ්-19 රෝගීන්ගේ ආශ්‍රිතයන් වන ගම්පහ ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකු සහ රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ද ඊයේ හඳුනාගත් කොවිඩ්-19 රෝගීන් අතර වේ. අනෙක් පුද්ගලයා ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙකි.

0 Comments