Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ටෙනිස් බෝලවලින් කළුතර බන්ධනාගාරයට මත්කුඩු යැවූ 15ක් අත්අඩංගුවට

ටෙනිස් බෝල තුළ බහා කළුතර බන්ධනාගාරයට මත්කුඩු හා ජංගම දුරකතන යැවීමේ ජාවාරමකට සම්බන්ධ 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
උතුරු කළුතර පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ විශේෂ මෙහෙයුමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රැදවියන් සදහා බන්ධනාගාරය තාප්පයෙන් බන්ධනාගාරය තුළට එම ද්‍රව්‍ය අඩංගු ටෙනිස් බෝල යොමුකර ඇති බව පරීක්ෂණවලදී හෙළිව තිබේ.
 
හෙරොයින් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 5 ක්,  ජංගම දුරකතන,  දුරකතන චාජර්,  දුම්කොළ ඇතුළු භාණ්ඩ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබේ. එක් ටෙනිස් බෝලයක් බන්ධනාගාරය තුළට යොමුකිරීම සදහා රුපියල් පහළොස්දහසක මුදලක් රැදවියෙකුගෙන් අයකරගෙන ඇති බව මූලික විමර්ශනවලදී හෙළිවී ඇත.
 
සැකකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();