Ticker

6/recent/ticker-posts

Header Ads Widget

MCC ගිවිසුමේ අවසන් කමිටු වාර්තාව අද ජනපති වෙත

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ‘සහශ්‍ර අභියෝගතා සමායතන‘ යෝජනාවලිය හෙවත් එම්.සී.සී. සමාලෝචනය කිරීමේ කමිටු අවසන් වාර්තාව අද (25) භාරදීමට නියමිතය.
 
ඊයේ (24) එම වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාරදුන්නේය.
 
එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමටද නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.
 
එම්.සී.සී. සමාලෝචන කමිටුව විසින් එම්.සී.සී. ගිවිසුම, මාස හයක කාලයක් අධ්‍යයනය කර ඇති අතර ඊට විවිධ ක්ෂේත්‍රයන්හි අදහස් හා යෝජනාද සැළකිල්ලට ගනු ලැබුවේය.
 
ඉන් අනතුරුව සිදුකරන ලද දීර්ඝ අධ්‍යනයකින් පසුව මෙලෙස අදාළ වාර්තාව සකස් කර ඇත.
 
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා කැබිනට් අනුමැතිය සහිතව පත් කළ එම්.සී.සී. සමාලෝචන කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();