Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මැගසින් බන්ධනාගාරය නොසන්සුන්

 
(බුද්ධිකා ඉඹුලාන)
 
මැගසින් බන්ධනාගාරයේ තප්පයට උඩින් වැටුණු අත් බෝම්බයක් නිසා අද(26) පෙරවරුවේ එම බන්ධනාගාර රැදවියන් නිලධාරීන් බෝම්බ බියකින් නොසන්සුන් විය.
 
අද උදාසන 10.00ට පමණ බේස්ලයින් පාර දෙසින් මැගසින් බන්ධනාගාරයේ එක් පැත්තකට අත් බෝම්බයක් ආකාරයේ යමක් වැටුණු බව දුටු බන්ධනාගාර නිලධාරීන් ඒ පිළිබඳව බොරැල්ල පොලිසියට දැන්වීමෙන් පසු බෝම්බ නිශ්ක්‍රීය අංශයට දන්වා තිබේ.
 
වහම එම ස්ථානයට පැමිණි බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරීහු එය පරීක්ෂා කිරිමේදී පෙනි ගොස් ඇත්තේ අත්බෝම්බයක හැඩය ගත් රාමුවක හෙරොයින් ,දුම්කොළ ,අයිස් මත්ද්‍රව්‍ය ,ජංගම දුරකථනයක් සහ චාජරයක් සූක්ෂම ලෙස අසුරා තිබූ බවයි.
  
මෙම පර්සලය මැගසින් බන්ධනාගාරය තුළට වැටීමත් සමගම ඒ පිළිබඳව බන්ධනාගාර නිලධාරීන් විමසිලිමත් වීම නිසා එම තහනම් ද්‍රව්‍ය  බන්ධනාගාර රැදවියන් අතට යාම ව්‍යර්ථ වී තිබේ.
 කෙසේ වෙතත් බෝම්බ නිශ්ක්‍රීය අංශය බන්ධනාගාරය තුළට පැමිණිමත් සමගම මැගසින් බන්ධනාගාරයේ රැදවියන් බන්ධනාගාර තුළ බෝම්බයක් තිබේ යැයි දැඩි භිතියට පත්ව නොසන්සුන්ව හැසිරි තිබේ.
 
බන්ධනාගාර නිලධාරීන් ද එක්ව යලිත් එම බන්ධනාගාරයේ  කටයුතු සමාන්‍ය පරිදි කටයුතු කිරිමට පියවර ගෙන ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();