අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීමෙන් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් “යළි නැගිටිමු ශ්‍රී ලංකා වැඩසටහන” යටතේ 2019 වර්ෂයේ අ.පො.ස. (සා/පෙළ) විභාගයට පළමු වතාවට පෙනී සිට “A” සාමාර්ථ 9 ක් ලබා ගත් සිසුන් සඳහා මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ අලෙවිකරණ පාඨමාලාවක් ශිෂ්‍යත්වයක් ලෙස ලබා දීමේ වැඩසටහනක් හඳුන්වා දී ඇත.
එහි සමාරම්භක උත්සවය අධ්‍යාපන ලේකම් එන්.එච්.එම්.චිත්‍රානන්ද මහතා සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රදානත්වයෙන් පසුගියදා (17) අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැත්වුණු අතර මෙම අලෙවිකරණ පාඨමාලාව අන්තර්ජාලයට එක් කිරීම අධ්‍යාපන ලේකම්තුමා විසින් සිදු කෙරිණි.
මෙවර මෙම වැඩසටහන සඳහා සිසුන් 10,201දෙනෙකු සුදුසුකම් ලබා සිටියි.
සමාරම්භක අවස්ථාවට මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ සම්බන්ධ වූ සිසුසිසුවියන් පිරිසක් මෙම වැඩසටහන තමන්ට ලැබුණු සුවිශේෂ වෘත්තීය අධ්‍යාපනික අවස්ථාවක් බවට අදහස් දැක්වූ අතර එම පාඨමාලාවේ අන්තර්ගතය හා ඊට සම්බන්ධ වන ආකාරය පිළිබඳ ඔවුන් නැගු ප්‍රශ්නවලට ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපතිතුමා විසින් පිළිතුරු සැපයීය.

0 Comments