ඓතිහාසික රුවන්වැලි මහා සෑ චෛත්‍යරාජයාණන් වහන්සේට පළදා තිබු වසර 80 ක් පැරණි චුඩා මානික්‍ය සැදැහැවතුන්ට වන්දනා මාන කිරිම සදහා රුවන්වැලි මහා සෑ මළුවේ අභිනවයෙන් ඉදිකල සුගන්ධ කුටියේ තැන්පත් කිරිමේ පුන්‍ය උත්සවය පෙරේදා (18) දින රාත්‍රි අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කළහ.
බුරුම රජයෙන් ලැබුන මෙම චුඩා මානික්‍ය 1940 ජුනි දාහත්වනදා(17) රුවන්වැලි මහා සැයේ නව ප්‍රතිසංස්කරණයෙන් පසුව චුඩා මාණික්‍ය මහා සැයේ පලදවනු ලැබිය.
පසුව එම චුඩා මානික්‍ය කාලයත් සමග දුර්වල තාවයට පත්විමේ හේතුවෙන් ඒ සදහා නව චුඩා මානික්‍යයක් 2019 නොවැම්බර් මාසයේදි සවිකරනු ලැබිය.
ඒ සදහා විශ්ව පාරමි පදනමේ ප්‍රධානි ප්‍රභාත් නානායක්කාර මහතාගේ දායකත්වය හිමිවිය.
මෙම නව චුඩා මානික්‍ය කොත් වහන්සේට පැලද විමෙන් පසුව ගලවා ඉවත් කරනු ලැබු වසර අසුවක් පැරණි චුඩා මානික්‍ය පෙරහරින් රැගනවිත් බැතිමතුන්ගේ වන්දනාව පිණිස රුවන්වැලි මහා සෑ භුමියේ අභිනවයෙන් ඉදිකල සුගන්ධ කුටියේ තැන්පත් කිරිම අටමස්ධානාධිපති පුජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි ,රුවන්වැලි මහා සෑ විහාරාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ඇතුළු අටමස්ථාන විහාරස්ථානයන්හි නාහිමිවරු ඇතුළු සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් සිදු කළහ.

0 Comments