19 ජුනි, 2020
නැගෙනහිර තායිලන්තයේ චොන්බුරි පළාතේ ඊයේ සවස 3 ට පමණ විශාල ටොනාඩෝ තත්ත්වයක් ඇති වී තිබේ.
වෙරළබඩ කළාපයක මුහුදේ ඇති වූ මෙම තත්ත්වය කැමරාවට හසුකර ගැනීමට එහි සිටි පිරිසක් සමත්ව තිබුණි.
පසුගිය දින කිහිපය තුළ අධික වර්ෂාව සහ තෙතමනය සහිත කාලගුණය හේතුවෙන් මෙය ඇති වන්නට ඇතැයි එරට කාළගුණ අංශ පවසයි.
මේ අතර තායි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ රට පුරා අධික වැසි කුණාටු සති අන්තය වන විට පහව යනු ඇති බවයි.
from silumina

0 Comments