Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අයිපීඑල් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ගවස්කර්ගෙන් යෝජනාවක්

කොවිඩ් වසංගතය හේතුවෙන් අවිනිශ්චිත තත්වයකට ඇදවැටී ඇති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (අයි.පී.එල්.) එළැඹෙන සැප්තැම්බර් මාසයේදි ශ්‍රී ලංකාවේ පැවැත්වීමට හැකියාව ඇතැයි ඉන්දීය පිලේ හිටපු පිතිකරු සුනිල් ගවස්කර් විශ්වාසය පළ කරයි. ඔහුගේ අදහස වී ඇත්තේ අයි.පී.එල්. තරගාවලියේ කාල සීමාව කෙටි කරමින් පැවැත්වීම වඩාත් සුදුසු බවයි.

එමෙන්ම අද වන විට ඉතා සාර්ථකව කොවිඩ් වසංගතය මැඬ පවත්වමින් සිටින ඔස්ට්‍රේලියාවට ඔක්තෝබර් මාසයේදී විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය ලබා දීමට හැකි වනු ඇතැයි ද ගවස්කර් විශ්වාසයෙන් පසු වෙයි.

නරඹන්නන් සංඛ්‍යාව 25%ක් දක්වා අවම කරමින් ක්‍රීඩා ඉසව් පැවැත්වීමට අවසර දෙන බවට ඔස්ට්‍රේලියානු රජය නිවේදනය කර ඇති බැවින් එරට ක්‍රිකට් ආයතනයට විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සාර්ථකව පැවැත්වීමේ අවකාශය හිමි වී ඇතැයි ද ඉන්දීය පිලේ හිටපු නායකයා කියා සිටියේය.

“ඔස්ට්‍රේලියානු රජයේ තීරණය නිවේදනය කිරීමත් සමඟ විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමේ බලාපොරොත්තු ගොඩනැඟී තිබෙනවා. කොහොම වුණත් ඒ සඳහා සහභාගි වන කණ්ඩායම්වලට තරගාවලියට සති තුනකට පෙර ඔස්ට්‍රේලියාවට යාමට සිදු වේවි. එම කාල සීමාවෙන් දින 7ක් පුහුණුවීම් සඳහා වෙන් කිරිමටත්, ඉතිරි දින 14ක කාලය නිරෝධායනය සඳහා වෙන් කිරිමටත් පුළුවනි.” ගවස්කර් එසේ කීවේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();