Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අෆ්රිඩිට කොරෝනා

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක ශහීඩ් අෆ්රිඩිට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

ඔහු සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති අතර, ඉක්මනින් සුවය ලබා දෙන මෙන් ආශිර්වාද කරන ලෙස තම හිතවතුන්ගෙන් ඉල්ලා සිටී.

“මට පසුගිය බ්‍රහස්පතින්දා සිට ඇඟට අමාරු ගතියක් දැනුණා. ඉන් පසුව මගේ රෝගී තත්ත්වය පරීක්ෂා කළා. එහිදී කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙනවා ද නැද්ද කියලා බලන්න පරීක්ෂණයකුත් කළා. ඒ පරීක්ෂණයෙන් මම කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගියකු බව තහවුරු වුණා.” අෆ්රිඩි ප්‍රකාශ කර තිබිණි.

මේ වන විට 40 වැනි වියේ පසු වන අෆ්රිඩි කොරෝනා වයිරසයට ගොදුරු වූ තෙවැනි පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයායි. මින් පෙර ජාතික කණ්ඩායම නියෝජනය කළ තවුෆීක් උමාර්ට සහ පළමුපෙළ ක්‍රිකට් පිටියේ විශිෂ්ට දස්කම් පෑ සෆාර් සර්ෆ්‍රාස්ට මෙම වයිරසය ආසාදනය විය.

මීට දින කිහිපයකට පෙර තවුෆීක් උමාර් සුවය ලැබූව ද, සෆාර් සර්ෆ්‍රාස් අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත්තේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();