ලොව ජීවත්ව සිටි වයස්ගතම පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩකයා වූ ඉන්දියාවේ 100 හැවිරිදි වසන්ත් රයිජි පසුගියදා මෙලොවින් සමුගත්තේය. මුම්බායි නුවර පදිංචිව සිටි වසන්ත් රයිජි වසර 1938 සිට 1950 අතර කාලයේ ඉන්දියාවේ පළමුපෙළ තරග 9කට ක්‍රීඩා කර ඇති අතර, ලකුණු 277ක් රැස් කිරිමට සමත් විය. දකුණත් පිතිකරුවකු වන රයිජීගේ සියවැනි උපන්දිනය පසුගිය ජනවාරියට යෙදී තිබුණු අතර, එම අවස්ථාව සැමරීමට ඉන්දීය පිලේ හිටපු සුපිරි ක්‍රීඩකයන් වන සචින් තෙන්ඩුල්කර් සහ ඔස්ට්‍රේලියානු පිලේ හිටපු ක්‍රීඩක ස්ටීව් වෝ එක් වූහ. වසන්ත් රයිජි ක්‍රීඩකයකු මෙන්ම ක්‍රිකට් ඉතිහාසඥයකු ලෙසත් ප්රකටව සිටියේය.
ක්‍රිකට් දත්ත විශාරදයකු වන ඉන්දීය ජාතික මෝහන්දාස් මෙනොන්ට අනුව වසන්ත් රයිජිගේ අභාවයත් සමග නවසීලන්තයේ ඇලන් බර්ගෙස් දැනට ජීවත්ව සිටින ලොව වයස්ගතම ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් වී සිටී. ඔහුගේ සිය වැනි ජන්ම දිනය යෙදී තිබුණේ පසුගිය මැයි මාසයේ 1 වැනිදාය.
0 Comments