ආරංචිය ලැබෙනකොට පාන්දර 2 ට විතර ඇතිනින්දෙන් අවදිවුනු ගමන් උනත් එක පාරටම කියවුනේ “හොඳ වැඩේ ඕකට ” කියලයි
ප්‍රභාකරන් මැරුණු දා රටම සතුටු වූ ආකාරයට සුනිල් ජයවර්ධන මැරුණු දා තම පවුලේ සාමාජිකයන් සතුටු වුන බව කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතාගේ දියණිය වන රේඛා කහදගම සදහන් කරයි.
තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව සඳහන් කර තිබේ.
ඊට සමාජ ජාලා පරිශීලකයන්ගෙන් එල්ල වන්නේ දැඩි විරෝධයකි.
අදාල සම්පූර්ණ සටහන මෙසේය.
————-
සුනිල් ජයවර්ධන කියන පුද්ගලයව මරා දාලලු..
නීතියට පටහැනි මිනීමැරුමක් වුවත් ඒ මරණය පිළිබඳව උපේක්ෂාවෙන් බලන්න බැහැ අපිට …
ඒ පිළිබඳව ආරංචිය ලැබෙනකොට පාන්දර 2 ට විතර ඇති.. මවා පැම් ඕන නෑ.. නින්දෙන් අවදිවුනු ගමන් උනත් එක පාරටම කියවුනේ “හොඳ වැඩේ ඕකට ” කියලයි..
මේක දිහා පිටින් ඉඳන් බලන කෙනෙකුට අපි හරිම අමානුෂික මිනිස්සු විදියට පෙනෙන්න පුලුවන් ..
බොහෝමයක් දෙනා මේ ගැන විවේචනාත්මකව කතා කරන්නත් පුළුවන් ..
නමුත් තුවාලය තියෙන කෙනා තමයි තුවාලයේ වේදනාව දන්නෙ.

0 Comments