හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය දිනකට නැරඹිය හැකි සංචාරක කණ්ඩායම් ප්‍ර මාණය පනහකට සීමා කොට ඇති බව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යාන භාරකරු පී. කේ. ටී. එම්. ප්‍රදීප් කුමාර මහතා පැවැසීය.
එම පිරිස් ද නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමන කරමින් වනෝද්‍යානයට ඇතුළත්විය යුතු බව ද වාර්තා වෙයි
කෝවිඩ් 19 වෛරසය පැතිරීයාමත් සමග මාස තුනක පමණ කාලයක් සම්පුර්ණයෙන් වසා දමා තිබු හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය වසා තිබුණි
වනෝද්‍යානය උදෑසන 6.00 සිට පස්වරු 2.00 දක්වා පමණක් සංචාරකයන් වෙනුවෙන් විවෘත කර ඇත
පස්වරු 2.00 න් පසුව වනෝද්‍යානයට කිසිම පුද්ගලයෙකු ඇතුලත් කර නොගන්නා නොගනී
දෙස් විදෙස් සංචාරකයන්ට කිසිඳු බාධාවකින් තොරව වනෝද්‍යානය ඇතුළත ගමන් කිරීම සඳහා ස්වාභාවික මංපෙත් සියල්ලම වනෝද්‍යානයේ නිලධාරීන් විසින් සම්පුර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කොට ඇති බව ද හෝර්ටන්තැන්න වාර්තා වෙයි
නුවරඑළියසමූහ - චන්ද්‍රසිරිමහගම

0 Comments