Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එම්.සී.සී. මුල් පුටුව පළමු වරට කාන්තාවකට

 වසර 233 ක ඉතිහාසයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ (MCC) නව සභාපති ලෙස පළමු වරට කාන්තාවක් පත්ව ඇත. එංගලන්තයේ හිටපු නායිකා ක්ලෙයාර් කොනර්, මෙලෙස නව සභාපතිනිය ලෙස පත්ව තිබේ. 
 
43 හැවිරිදි ඇය දැනට එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ කාන්තා ක්‍රිකට් කළමණාකාර අධ්‍යක්ෂකවරිය ලෙස ද කටයුතු කරයි.
 
මේවන විට මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති ලෙස කටයුතු කරන  හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර හට දෙවන ධූර කාලය සඳහා මේවන විට ආරාධනා කර ඇත. 
 
 ඒ අනුව ක්ලෙයාර් කොනර්, 2021 වසරේ ඔක්තෝබර් 01වනදා සිට සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතය. 
 
“එම්.සී.සී. හි මීළඟ සභාපති පත්වීමට ලැබීම මහත් ගෞරවයක්” බව කොනර් පැවසුවාය.
 
"ක්‍රිකට් ක්‍රීඩාව දැනටමත් මගේ ජීවිතය ඉතා ගැඹුරින් පොහොසත් කර ඇත. දැන් එය මට මෙම පුදුමාකාර වරප්‍රසාදය ලබා දෙයි."යනුවෙන් ද ඇය කියා සිටියාය. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();