Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හජ් වන්දනාව විදේශිකයින්ට තහනම්

23 ජුනි, 2020

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවර හජ් වන්දනාව විදේශිය වන්දනාකරුවන්ට තහනම් කිරිමට සෞදි අරාබි රජය තීරණය කර තිබේ.

එරට රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර සිටියේ එරට වෙසෙන විදේශිකයින් සීමිත සංඛ්‍යාවකට පමණක් මෙවර හජ් වන්දනාව සඳහා අවසරය හිමිවන බවයි.

නමුත් අවසරය හිමිවන්නේ කොපමණ සංඛ්‍යාවකට ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

වාර්ෂිකව පැවැත්වෙන හජ් වන්දනාව සඳහා මක්කමට සහ මදිනාවට මිලියන 02 කට ආසන්න බැතිමතුන් පිරිසක් පැමිණෙන අතර කොරෝනා වෛරසයේ බලපෑම හමුවේ මෙවර හජ් වන්දනාව අත්හිටුවනු ඇති බවට මිට පෙර මත පලවී තිබුණි.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා සමාජ් දුරස්ථභාවය ආරක්ෂා වන පරිදි මෙවර හජ් උත්සවය පැවැත්වීමට සිදුව තිබෙන බව සෞදි බලධාරීන් සඳහන් කරන්නේ.

 



from silumina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();