
නැවත පාසල් ආරම්භ කිරීම අදියර කිහිපයකින් සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යංශය ගෙන ඇති පියවර නිසා මව්පියන් හා ගුරුවරුන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින්නේ යැයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රාන ලේකම් මහින්ද ජයසිංහ ප්‍රකාශ කළේය.
විශේෂයෙන් අපොස උසස් පෙළ විභාගයට ලබන වසරේ පෙනී සිටින දරුවන් මේ වනවිට 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවත් මේ වනවිටත් මාස හතරකට ආසන්න කාලයක් අධ්‍යයන කටයුතු අතපසු වූ මේ සිසුන් ද පාසලට ලමුන් ගෙන්වන පළමු අදියරේ දී ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතුව තිබුණේ යැයි ද ඔහු කීය.
එමෙන්ම එකිනෙකට වෙනස් වේලාවන්හිදී පාසල අවසන් කිරීමට ගෙන ඇති තීරණය නිසා ද දරුවන් හා ඔවුන් පාසලෙන් යලි නිවසට ගෙන යන මව්පියන් මෙන්ම දරුවන් ප්‍රවාහනය කරන වාහන ද අසීරුතාවයට පත්ව සිටින්නේ යැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.
තම දරුවන් වෙනත් පාසල්වල ඉගෙන ගන්නා ගුරුවරුන් ද අපහසුතාවට පත්ව සිටින්නේ යැයි පෙන්වා දුන් මහින්ද ජයසිංහ වෙනස් වෙනස් වේලාවල පාසල ඇරෙන මුත් පාසල් වෑන් රථ හෝ සිසුසැරිය ඒ ඒ වෙලාවන්හි ක්‍රියාත්මක නොවීම නිසා දරුවන් පාසලේ සිට නිවසට ගෙන්වා ගැනීම මව්පියන්ට ප්‍රශ්නයක් වනු ඇතැයි ද කියා සිටියේය. ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා මේ අදහස් පලකළේ බත්තරමුල්ල කොස්වත්ත පිහිටි එම සංගමයේ ප්‍රධාන කාර්යාලයේ (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
The post පාසල් ආරම්භ කිරීමේ ක්‍රමය ගැන ගුරු සේවා සංගමයෙන් විවේචන. appeared first on Lanka News Column.

0 Comments