Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ පොදුජන පෙරමුණු නාගරික මන්ත්‍රීනියට නිලධාරියකු බැණ වැදිලා

මේ ගැන සොයා බලන්නැයි මන්ත්‍රීනි කොළඹ පුරපතිනියට ලියයි

‍කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රිනී සුනේත්‍රා වික්‍රමසිංහ මහජන නියෝජිතවරියක බව දැන ගෙනත් රජයේ නිලධාරියකු ඉතා පරුෂ අන්දමින් බැණ වදිමින් තමා නින්දාවට පත්කිරීමෙන් තමාට ඇතිවූ මානසික අසහනය පිළිබඳ ඉකුත්දා පැවැති නගර සභා මහ සභා රැස්වීමේදී එම මන්ත්‍රීවරිය පුරපතිනි සේනානායක මහත්මියට ලිපියක් යවමින් අවධානයට යොමු කළාය.

මෙහිදී වැඩිදුරටත් සුනේත්‍රා වික්‍රමසිංහ නාගරික මන්ත්‍රිනී කියා සිටියේ තමා දේශපාලනයට ක්‍රියාකාරීව සම්බන්ධ වන්නේ 1975 වර්ෂයේදී බවයි. තමා එදා සිට බොරැල්ල වනාතමුල්ල ක්‍රියාකාරී පොදු මහ ජනතාව තමාට ඡන්දය ලබාදී මන්ත්‍රීවරියක ලෙස තෝරා පත්කරගත් බවද පුරපතිනියගේ අවධානයට යොමු කළාය.

සිය දුක්ගැනවිල්ල සහිත ලේඛනය සභාගත කරමින් මන්ත්‍රීවරිය කියා සිටියේ මේ අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නේ ඉකුත් 26 වැනිදා ප්‍රදේශයේ කොරෝනා -19 නිසා අසරණ ජනතාවට රජයෙන් ලබාදුන් රුපියල් 5000 දීමනාව සම්බන්ධයෙන් තමාත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී සමන්ත නෙළුම්දෙණිය මහතාත් සමඟ මුදල් ලබාදෙන ස්ථානය, දෙන වෙලාව හා එහි ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අදාළ නිලධාරීන් හමුවීමට ගිය අවස්ථාවේදී බවයි.

එම අවස්ථාවේදී කිසියම් පුද්ගලයකු උස් හඬින් කතා කරන අන්දම තමාට ඇසුනත් තමා එය ගණනකට නොගත් බවද පුරපතිනිය හමුවේ ඇය කියා සිටියාය.

ගෑනියේ යනුවෙන් එම නිලධාරියා තමාට බැණ වැදුණු බවද මන්ත්‍රිනිය පුරපතිනිය හමුවේ කියා සිටියාය.

එසේ බැණ වැදුණේ කොළඹ දිස්ත්‍රික් අතිරේක ලේකම් බවට තමාට දැනගැනීමට ලැබුණු බව පුරපතිනියගේ අවධානයට යොමු කළාය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිනී සුනේත්‍රා වික්‍රමසිංහ මහත්මියට සිදුකරන ලද බැණ වැදීම් අපහාස අන්දමට කතා කිරීම් විමසා බැලීමට පුරපතිනිය රෝසි සේනානායක මහත්මිය පොරොන්දු වූවාය.

සභා ගැබෙන් එළියට පැමිණ සිටි මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් කිහිපදෙනෙකු දිනමිණට කියා සිටියේ මේ පිළිබඳව පරීක්ෂණයක් කළ යුතු බවයි.

මැද කොළඹ සමූහ - ආරියරත්න ගනේගොඩ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();