Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ වරයේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවටද ?

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මහ මැතිවරණයෙන් පසුව ස්ථිර වශයෙන්ම ඉන්දියාවට ලබා දීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ශ‍්‍රී ලංකා වරාය පොදු සේවක සංගමය සඳහන් කරයි.

එහි ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ  පෙන්වා දෙන්නේ කොළඹ වරායේ ජයබහලු පර්යන්තයට ගෙන්වන ලද නව දොඹකර ඊට ඇතුළු නොකර නැගෙනහිර පර්යන්තයට ඇතුළු කිරීමට සැරසෙන්නේ එම හේතුව නිසා බවයි.

මෙම ක‍්‍රියාවලියට විරුද්දව තම සංගමය විසින් නඩු දැමීමට කටයුතු කර ඇති බවත් එම නඩුව නැවතත් ජූනි මාසයේදී කැඳවීමට නියමිත බවත් ඔහු කියා සිටියේය. මෙම පර්යන්තය ඉන්දියාවට ලබා දෙන සඳහා ඉන්දියාව විසින් බලපෑම් කරමින් ඇති බවත් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට මෙම පර්යන්තය සංවර්ධනය කිරීමට යන්නේ ඩොලර් මිලියන අසූවක පමණක් බවත් ඔහු සඳහන් කළේය.

නමුත් කොමිස්වලට ලැදි පාලකයන් විසින් ජාතික සම්පත් විකුණා දමමින් සිටින බව ද ඔහු තව දුරටත් කියා සිටියේය.

The post කොළඹ වරයේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවටද ? appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();