
අමෙරිකාවේ ප‍්‍රාන්ත කිහිපයක නිරෝධායන සීමා ලිහිල් කිරීමත් සමග කොරෝනා ආසාදිතයින්ගේ සීඝ‍්‍ර වැඩි වීමක් වාර්තාවේ . ගත වූ පැය 24 තුළ පමණක් අමෙරිකාවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 46,000 කට අධිකයි. ඒ හේතුවෙන් ව්‍යාපාර සඳහා ලිහිල් කළ නිරෝධායන සීමා යළි බලාත්මක කිරීම කෙරෙහි, අදාළ ප‍්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ගේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබොට් නියෝග කර ඇත්තේ අවන්හල්වලට ගෙන්වා ගන්නා පාරිභෝගිකයින් ප‍්‍රමාණය සියයට 50 කින් අඩු කළ යුතු බවට සීමා පනවන බවයි. දිවා කාලයේදී සියලූම මත්පැන් අලෙවිසැල් වසා තැබිය යුතු බවට ද ටෙක්සාස් ආණ්ඩුකාරවරයා නියෝග කර තිබේ.
කැලිෆෝර්නියාවේ කොරෝනා ආසාදිතයින් සීඝ‍්‍රයෙන් ඉහළ යාම නැවැත්වීමේ අරමුණින්, ව්‍යාපාර ස`දහා ලිහිල් කළ සීමා යළි බලාත්මක කරන බව ද ආණ්ඩුකාරවරයා ප‍්‍රකාශ කර තිබේ.
The post පැය විසි හතරට අමෙරිකාවෙන් ආසාධිතයන් 46 000ක්. appeared first on Lanka News Column.

0 Comments