නුවරඑළිය, ගැල්වේස් වන උද්‍යාන ලබන 22 දින සිට විවෘත කිරීමට පියවර ගන්නා බව එහි උද්‍යාණ භාරකරු එම්.ජි. විමලරත්න මහතා පැවසීය.
ඔහු සඳහන් කලේ දිවයිනේ සියලු සත්ත්වෝද්‍යාන, උද්භිත උද්‍යාන, වනෝද්‍යාන හා වන සංරක්ෂණ උද්‍යාන විවෘත කිරිමට රජය ගෙන ඇති තීරණයට අනුව මෙම කටයුතු සිදුකරණ බවය.
උද්‍යාන නැවත විවෘත කිරීමත් සමග දෙස් විදෙස් සංචාරකයින්ට සෞඛ්‍යය අංශ ලබා දී ඇති උපදෙස් අනුව උද්‍යාණයේ සංචාරය කළ හැකි බවත්, ඊට අදාල පහසුකම් උද්‍යාණය තුල සම්පාදනය කර ඇති බවත් එම්.ජි. විමලරත්න මහතා තව දුරටත් පැවසීය.
කොරෝනා වසංගතයත් සමග මෙම වනෝද්‍යානය පසුගිය මාර්තු මාසයේ සිට වසා දැමිණ.

0 Comments