මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1950 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ ඊයේ (19) දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් තිදෙනාද සමඟය.
කුවේට් සිට මෙරටට පැමිණ ත්‍රිකුණාමලය සහ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෛරසය ආසාදිත වී ඇති බවට ඊයේ දිනයේ හදුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය.
ඊයේ දිනයේ හදුනාගත් අනෙක් ආසාදිතයා ඉන්දියාවේ මුම්බායිසිට කටාර් බලා යාමට පැමිණි පුද්ගලයෙකු බව සදහන්වේ.
එසේම මෙරට සමස්ත ආසාදිතයින්ගෙන් 1446 දෙනෙකු පූර්ණසුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ආසාදිතයින් 493 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

0 Comments