ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි පිහිටි ලාංකික බෞද්ධයන්ට ඉමහත් පූජනීය පුදබිමක් වන සාංචි චෛත්‍ය පුදබිම, නගර වසා තැබීම් ( lock down) ඉවත් කළ විගස දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන්ට යළි වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දෙන බව ඉන්දීය රජය පවසයි.
ඒ අනුව ජූලි 05වනදා සිට සාංචි චෛත්‍ය පුදබිම නැවත විවෘත කිරීමට ඉන්දීය මධ්‍යම රජයේ සංස්කෘතික හා සංචාරක අමාත්‍ය ප්‍රහ්ලාද්සිං පටෙල් මහතා පසුගියදා යෝජනා කළ බව සාංචි චේතියගිරි විහාරාධිකාරි පූජ්‍ය බානගල විමලතිස්ස හිමියෝ පැවසූහ.
සෞඛ්‍ය වෛද්‍ය නියමයන්ට අනුව ශරීර උෂ්ණත්ව පරික්ෂාව සහ දෑත් පිරිසිදු කිරීම වැනි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින්, සාංචි පුදබිමට බැතිමතුන්ට ඇතුල්වීමට සියලු පහසුකම් සපයන බව සංස්කෘතික හා සංචාරක අමාත්‍ය ප්‍රහ්ලාද්සිං පටෙල් මහතා සදහන් කළේය.
එසේම මෙම පුදබිමට පැමිණෙන අයගෙන් 80% ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන් බැවින්, එම ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන්ට සාංචි චෛත්‍ය පුදබිමට පැමිණෙන ලෙස විවෘතව ආරාධනා කරන බවත්,එසේ පැමිණෙන ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන් ආරක්ෂිතව නැවත ඔවුන්ගේ රටට යැවීමට අප කටයුතු කළ යුතු බව අමාත්‍ය ප්‍රහ්ලාද්සිං පටෙල් මහතා ප්‍රකාශ කළේ පසුගියදා සාංචි පුදබිමේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්ය.
අමාත්‍ය ප්‍රහ්ලාද්සිං පටෙල් මහතා ඉංදියාවේ වත්මන් කෙරෝනා තත්වය තුළ මෙසේ නිරීක්ෂණයට ගත් ප්‍රථම පුදබිම සාංචි පුදබිම බව වාර්තා වේ . එසේම ඉන්දියාවේ සෙසු බෞද්ධ සිද්ධස්ථාන ද වැද පුදා ගැනීමට ශ්‍රී ලාංකික හා සෙසු බෞද්ධ බැතිමතුන්ට කඩිනමින් අවස්ථාව සලසා දෙන බව ද අමාත්‍ය ප්‍රහ්ලාද්සිං පටෙල් මහතා මෙහි දි මාධ්‍යයට පැවසීය. මෙම නිරීක්ෂණ චාරිකාවට සාංචි චේතියගිරි විහාරාධිකාරි පූජ්‍ය බානගල විමලතිස්ස හිමියෝ ද එම විහාරවාසි උඩුගම තපස්සි හිමියෝ ද රයිසන් දිස්ත්‍රික් පරිපාලක( Collector) බින්ටේ විමල් (Binte Vimal) මහතා ද එක් වූහ.
0 Comments