Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් චීනයේ වසා දැමීමේ සීමාවන් ක්‍රමිකව ඉවත් කිරීමත් සමඟ නැවතත් වේගයෙන් ඉදිරියට යාම පටන්ගෙන තිබේ. ආසන 100,000 ක් සහිත ලොව විශාලතම පාපන්දු ක්‍රීඩාංගණය ඉදිකිරීමේ කටයුතු මේ වන විටත් චීනය විසින් ආරම්භ කර ඇත. වර්ග මීටර් 150,000 (වර්ග අඩි මිලියන 1.6) ක භූමි ප්‍රමාණයක  නිමැවෙන මෙම ක්‍රීඩාංගණය සඳහා ඇමෙරිකන් ඩොලර් බිලියන 1.7 ක් (යුවාන් බිලියන 12 ක්) වැය වන බවයි ප්‍රකාශ වන්නේ. ගුවැන්ෂු ප්‍රාන්තයේ ඇරඹූ එහි ඉදිකිරීම් 2022 අවසන් වන විට අවසන් කිරීමට නියමිතය.

මේ සුවිසල් ව්‍යාපෘතිය සඳහා ප්‍රමුඛත්වය ගෙන ඇත්තේ සුප්‍රකට ගුවැන්ෂු එවර්ග්‍රෑන්ඩ් පාපන්දු සමාජයයි.

ඉකුත් 23වන බ්‍රහස්පතින්දා වැඩ ආරම්භ වූ මෙම ක්‍රීඩාංගණය, ලොව ප්‍රකට ඔස්ට්‍රේලියාවේ ‘සිඞ්නි ඔපෙරා ශාලාව’ සහ ඩුබායි හි ‘බර්ජ් කලීෆා’ ගොඩනැගිල්ල සමඟ සැසඳිය හැකි ලෝක මට්ටමේ නව සලකුණක් බවට පත්වනු ඇතැයි චීන බලධාරීහු බලාපොරොත්තු සහගතව පැවසුහ. මිට අතිරේකව පාපන්දු ක්‍රීඩාව සමඟ චීනය ලෝකය ඉදිරියට යාමේදී වැදගත් සංකේතයක් ලෙසින්ද මෙම ක්‍රීඩාංගණය ප්‍රයෝජනවත් වන බව, එවර්ග්‍රැන්ඩ් ව්‍යාපාරික සමූහයේ සභාපති ෂු ජියායින්පැවසීය.

එළැබෙන දිනක ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් පැවැත්විය හැකි මට්ටමේ පහසුකම් ඇති කරමින් මිට අමතරව චීනය තුළ ආසන 80,000 සිට 100,000 දක්වා ධාරිතාවයකින් යුත් තවත් ක්‍රීඩාංගණ තුනත් පහත් අතර සංඛ්‍යවක් ඉදිකිරීමට එවර්ග්‍රැන්ඞ් සැලසුම් කර ඇත.

මිට පෙර 2011 සිට ගුවැන්ෂු එවර්ග්‍රැන්ඩ් පාපන්දු සමාජය ආසන 60,000 කික් යුත් ටියැන්හේ ක්‍රීඩාංගනයේදී ක්‍රීඩා කළේය. දැනට ලොව විශාලතම පාපන්දු පමණක් ක්‍රීඩා කරන ක්‍රීඩාංගණය වන බාර්සිලෝනා හි කැම්ප් නූව් හි ආසන ධාරිතාව ආසන 99,354 කි. චීනය ගුවැන්ෂු නව ක්‍රීඩාංගණය ඉදිකිරීමෙන් පසු බාර්සිලෝනා ක්‍රීඩාංගණයේ එම වාර්තාව බිඳ වැටෙනු ඇතැයි බලාපොරොත්තු වේ.

ගුවැන්ෂු නගරය හදුන්වන්නේ ‘මල් නගරය’ නමිනි. ඒ අනුව යමින් ක්‍රීඩාංගණය නෙළුම් මලක හැඩයට නිර්මාණය කළ බව  එහි නිර්මාණකරු වන හසන් සයිඩ් පවසයි. ඔහු ෂැංහයි හි ඇමෙරිකානු නිර්මාණකරුවෙකි. තම එය සකස් කළේ එවර්ග්‍රැන්ඩ් සමූහයේ සභාපති ෂු ජියායින්ගේ මූලික සංකල්පයක් අනුගමනය කරමින් බවයි ඔහු පවසන්නේ.

VVP නැරඹුම් මැදිරි 16 ක්, VVIP නැරඹුම් මැදිරි 152 ක්, අන්තර්ජාතික පාපන්දු සම්මේලනය සඳහා වෙනම ඒකකයක්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා මුද්‍රිත මෙන්ම විද්‍යුත් මාධ්‍ය සඳහා වෙන්කළ ස්ථාන වලින්ද මෙම ක්‍රීඩාංගණය නිර්මාණය වෙමින් තිබේ.

ඉදිකෙරෙන ක්‍රීඩාංගණය හිමි ගුවැන්ෂු එවර්ග්‍රැන්ඩ් යනු චීනයේ සහ ආසියාවේ වඩාත්ම සාර්ථක පාපන්දු කණ්ඩායම් අතුරින් එකකි. මේ දක්වා අට වතාවක් චීන සුපර් ලීග් ශූරතාව දිනා ඇති  එවර්ග්‍රෑන්ඞ් පාපන්දු සමාජය ආසියානු ශූරයන්ගේ ලීග් ශූරතාවද දෙවරක් දිනා ගැනීමට සමත්වි ඇත. එලෙස ආසියානු ශූරයන්ගේ ලීග් ශූරතාව දෙවරක් දිනාගත් එකම කණ්ඩායම වන්නේද ගුවැන්ෂු එවර්ග්‍රැන්ඩ් කණ්ඩායම යි.

The post appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();