Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අක්ෂි රෝහලේ ඛාණ්ඩ දෙකක් යටතේ පමණක් සේවා ක්‍රියාත්මකයි

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කරන තෙක් ජාතික අක්ෂි රෝහලේ හදිසි අනතුරු සේවා සහ හදිසි අක්ෂි ආබාධ සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට රෝහල් බලධාරීන් තීරණය කර තිබේ.

සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් රෝහලේ බාහිර රෝගී පරිශ්‍රය තුළ රඳවා තබා ගත හැකි වන්නේ පුද්ගලයින් සිය දෙනෙකු හට පමණක් බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.එල්.එල්.යු.සි.කුමාරතිලක මහත්මිය සඳහන් කළේය.

එමෙන්ම අක්ෂි සායනවලට සහ ඖෂධ ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින්ගේ පහසුව වෙනුවෙන් දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව 0112 693 911 යන දුරකථන අංකය මඟින් ඒ පිළිබඳ තොරතුරු ලබාගත හැකි අතර 0113 618 678 යන දුරකථන අංකය ඇමතීමෙන් අක්ෂි රෝග සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට හැකි බව ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පැවසුවේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();