Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පම්පමඩුව - පෙරියකාඩු 304 ක් නිරෝධායනයට

වව්නියාව පම්පමඩුව හා පෙරියකාඩු යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්හි පුද්ගලයින් 304 දෙනෙකු මේ වන විට නිරෝධායනය කටයුතු සිදුකරන බවට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රෝහිත ධර්මසිරිගේ අධීක්ෂණයන් යටතේ දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි සිට ගෙන එනු ලැබූ පුද්ගලයින් යුද හමුදා නිලධාරීන්ගේ හා වෛද්‍යවරුන්ගේ මෙහෙයවීම් මත නිරෝධායනය වෙමින් සිටිති.

මේ අනුව වව්නියාව පම්පමඩුව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 209 දෙනෙකුද පෙරියකාඩු යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 95 දෙනෙකුද නිරෝධායනය වන බවට වාර්ථා වේ. 

සම්පූරණ පුද්ගලයින් 304 දෙනා අතර පසුගියදා වව්නියාව මහකච්ච කොඩි ප්‍රදේශයෙන් වාර්ථා වූ කොරෝනා ආසාදිතයා ඇසුරු කල පුද්ගලයින් පිරිසක්ද නිරෝධායනය වෙනුවෙන් යොමු කර ඇත.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();