
චීනයේ කොරෝනා තත්වය පරාජය කරමින් පවතිද්දී එරට ප්‍රධාන නගරවල ඉහළ පන්තිවල සිසුන් පාසල් වෙත පැමිණෙමින් තිබේ. ඒ අතර විශ්ව විද්‍යාල මෙන්ම වෙනත් උසස් අධ්‍යාපන ආයතන වෙතද සිසුන් පැමිණෙමින් සිටින බව වාර්තා වේ.
මේ වන විටත් ෂැංහයි නුවර මධ්‍ය සහ ඉහළ ශ්‍රේණි වල අවසාන වසර සිසුන්ට සිය අධ්යනවාර සඳහා පාසල් වෙත පැමිණීමට අවසර දී තිබේ. ඊට සමගාමීව බෙයිජිං නුවර විශ්ව විද්‍යාල ප්‍රවේශය වෙනුවෙන් ජූලි මස විභාගවලට මුහුණ දීමට බලාපොරොත්තුවෙන් සිටින සිසුන්ට යලි පාසල් වෙත පැමිණීමට අවසර ලබා දී ඇත.
මිට අමතරව චීනයේ වෙනත් ප්‍රදේශවල සිසුන් මිට සති කිහිපයකට පෙර සිටම පාසල් වෙත පැමිණ තිබිණි. කෙසේ වෙතත් ගෙවුණු කාලය පුරාම චීනයේ පාසල් සිට විශ්ව විද්‍යාල දක්වා සියලු අධ්‍යාපන ආයතන ‘online’ ක්‍රමයට සිය අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යමින් තිබිණි.
කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වූ හුබෙයි පළාතේ වූහාන් නගරයේ සියලු පාසල් මේ මස 6 වැනිදා විවෘත වීමට නියමිතය. පැතිරුණු වෛරස් රෝගය මර්දනය කිරීමට හැකි වූ චීනය මේ වන විට වෛරසය පැතිරීම ප්‍රශස්ථ මට්ටමින් පාලනය කර තිබේ.
The post වූහාන් පාසල් විවෘත වෙයි appeared first on Lanka News Column.

0 Comments