Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ෂී ජින් පිං Zhe Jiang පළාතේ

පසුගිය දා චීන ජනාධිපති ෂී ජින් පිං Zhe Jiang පළාතේ නිරීක්ෂණයක නිරත විය. මෙය, චීනය කොරෝනා වෛරසයට එරෙහි සටන ආරම්භ කර මේ දක්වා චීන ජනාධිපතිවරයා සිදු කළ 4වැනි නිරීක්ෂණ චාරිකාව යි.

Zhe Jiang පළාත චීනයේ සක්‍රීයම පෞද්ගලික ආර්ථිකය පවතින පළාත ලෙස සැලකේ. ෂී ජින් පිං එම පළාතට ගොස් නිරීක්ෂණය කිරීම මගින් චීන රජය කොරොනා වසංගතය අඛණ්ඩව මැඩපවත්වන අතර දෛනික ජීවිතය හා දේශීය නිෂ්පාදනය පුනරුත්ථාපනය කරමින් ආර්ථික වර්ධනය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමේ පැහැදිලි සංඥාව නිකුත් කර ඇති බව දේශපාලන විචාරකයෝ පවසති. කොරෝනා වසංගතයෙන් චීනය තුළ විවිධ කර්මාන්ත හා ව්‍යවසායන්ට සැලකිය යුතු බලපෑම් එල්ල වී ඇත. කුඩා හා මධ්‍යම ව්‍යවසායන් මුහුණ දී සිටින දුෂ්කරතා තුරන් කිරීම සඳහා රජය සහන පියවර රැසක් ගෙන ඇතැයි චීන ජනාධිපතිවරයා Zhe Jiang පළාතේ නිරීක්ෂණ චාරිකාව අතරතුර කියා සිටියේ ය. වත්මන් කොරෝනා වසංගත තත්වය පිළිබඳ විග්‍රහයක් කරමින්, ෂී ජින් පිං ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ වසංගතය චීන ආර්ථික වර්ධනයට නව අභියෝගයක් මෙන් ම චීන විද්‍යා තාක්ෂණ සංවර්ධනය හා කර්මාන්ත උත්ශ්‍රේණිගත කිරීමට නව අවස්ථාවක් ද ගෙන ‍දෙනු ඇති බවයි.

“කොරෝනා වසංගතය ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතී. ලෝක ආර්ථිකය බැරෑරුම් අභියෝගයකට මුහුණ දී සිටී. එහෙත් චීනයේ කොරෝනා වසංගත පාලනය අඛණ්ඩව යහපත් අතට හැරෙමින් තිබෙනවා. චීන ආර්ථිකය වඩාත් වේගයෙන් පුනරුත්ථාපනය වෙමින් පවතිනවා” යි චීන ජනාධිපතිවරයා Zhe Jiang පළාතේ නිරීක්ෂණ චාරිකාව අතර තුර මාධ්‍ය වෙත පවසා තිබුණි.

The post ෂී ජින් පිං Zhe Jiang පළාතේ appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();