බ්‍රිතාන්‍ය ගුවන් සේවය සිය සේවකයින් 36,000කගේ සේවය අත්හිටුවීමට සූදානම් වෙයි. කොරෝනා වෛරසයේ බලපෑමෙන් බොහොමක් ගුවන් ගමන් අත්හිටුවීම මීට හේතුවයි. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අදාළ තීරණය සම්බන්ධයෙන් මේ වන විට වෘත්තීය සමිති සමග සාකච්ජා සිදුකෙරෙමින් පවතින බවයි. දෙපාර්ශවය ඒ පිළිබඳ එකඟතාවන්ට පැමිණ ඇතත් අවසන් තීරණයකට මෙතෙක් එළඹ නොමැත.
මේ අනූව බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් සේවක කාර්ය මණ්ඩලය, ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලය, ඉංජිනේරු අංශ හා ප්‍රධාන කාර්යාලයේ සේවකයින්ගෙන් 80%ක් සිය රැකියාවන්ගෙන් ඉවත් කෙරෙනු ඇත. සේවයෙන් ඉවත් කෙරෙන බොහෝ දෙනෙකුට රජයෙන් ගෙවනු ලබන සහන දීමනාව පමණක් හිමිවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
The post බ්‍රිතාන්‍ය ගුවන් සේවය: රැකියා අහෝසියි appeared first on Lanka News Column.
0 Comments