Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලන්කන් වැටුප් කපන්න ලෑස්තියි

ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය කාර්යමණ්ඩලයට අනිවාර්ය වැටුප් රහිත නිවාඩු ලබාදීම සහ වැටුප් කප්පාදු පනවමින් ආයතන පිරිවැය අවම කරගැනීමට කටයුතු යොදා ඇත.

සමාගම ඊට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ, කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල යටතේ ගුවන් සේවා කර්මාන්තය බරපතල අර්බුදයකට මුහුණදී සිටීම බවයි.

මේ තීරණය යටතේ සේවකයින් සඳහා සියයට 2.5 සිට සියයට 25 දක්වා මාස 3 ක කාලයක අනිවාර්ය වැටුප් කප්පාදුවක් සිදු කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම් බලධාරීන් තීරණය කර ඇත.

ඒ සමඟම මේ වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සියලුම වැටුප් වර්ධක දින නියමයකින් තොරව තාවකාලිකව නවතා ඇත.

The post ශ්‍රී ලන්කන් වැටුප් කපන්න ලෑස්තියි appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();