Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉදිරි දෙසතිය වේදනාකාරියි

 

ඉදිරි සති දෙකක කාලය ඇමරිකාවට දැඩි වේදනාකාරී කාල සීමාවක් වනු ඇතැයි, ඇමරිකානු ජනාධිපතිවරයා පවසයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේදී, මේ බව ප්‍රකාශ කළේය. “පෙර නොවූ අභියෝගයකට ඇමරිකාව දැනට මුහුණ දී සිටී.ඉදිරි සති දෙක ඉතා දුෂ්කර කාලයක්. නව කොරොනා වසංගත පාලන මාර්ගෝපදේශ අනුගමනය කිරීම “ජීවිතය හා මරණය පිළිබඳ කාරණයක්” බව හෙතෙම අවධාරණය කළේය.

ධවල මන්දිරයේ නව කොරොනා වෛරස් පාලන පිළිබඳ සම්බන්ධීකාරක Deborah Birx  වසංගතය පිළිබඳ ‘අනාවැකි මොඩලයක්’ එහිදී ඉදිරිපත් කළාය. එම අනාවැකි මොඩලයට අනුව, වසංගතය පාලනය කළහොත්, ඇමරිකාව තුළ මරණ ලක්ෂයේ සිට ලක්ෂ 2.4 අතර ප්‍රමාණයක් සිදු විය හැකිය. වසංගතය පාලනය නොකළහොත් මරණ සංඛ්‍යාව මිලියන 1.5 සිට 2.2 අතර ප්‍රමාණයක් සිදුවිය හැකි බවද ඇය එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළාය.

The post ඉදිරි දෙසතිය වේදනාකාරියි appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();