ප්‍රසිද්ධියේ කෙළ ගැසීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ඉන්දියාව තීරණය කර තිබේ.
ඒ, කොවිඩි -19 හෙවත් නව කොරෝනා වෛරසය බරපතල තර්ජනයක් ලෙස ඉන්දියාව තුළ තවදුරටත් ව්‍යාප්තවීම හේතුවෙන්.
බොහෝ නගරවල නීති යටතේ ප්‍රසිද්ධියේ කෙළ ගැසීම තහනම් කර තිබුණද එය බලාත්මක කිරීම හෝ දැඩි ලෙස සළකා බැලීම සිදුවන්නේ නැහැ.
එහෙත් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ප්‍රසිද්ධියේ කෙළ ගැසීම තහනම් කරමින් නව පනතක් ගෙන එන බවයි.
ඒ අනුව ප්‍රසිද්ධියේ කෙළ ගසන්නන්ට දැඩි දඩුවම් පනවනු ඇති.
ප්‍රසිද්ධියේ කෙළ ගසන්නන්ට එරෙහිව ඉන්දීය රුපියල් දහසක දඩයක්ද නියම කර ඇති අතර දිල්ලි අගනුවර ප්‍රසිද්ධියේ කෙළ ගැසුවහොත් දඩය ඉන්දිය රුපියල් 2,000 ක්.
මෙලෙස ප්‍රසිද්ධියේ කෙළ ගසන්නන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ කණ්ඩායම් යෙදවීමටයි ඉන්දීය බලධාරීන් තීරණය කර ඇත්තේ.
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මැයි මස 3 වැනිදා තෙක් ඉන්දියාව වසා දැමීමට මේ වනවිට තීරණය කර තිබෙනවා.
අද වනවිට ඉන්දියාවෙන් නව කොරෝනා රෝගීන් 13,430 ක් වාර්තා වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 448 ක්.
0 Comments