ජපානයේ රටපුරා හදිසි තත්ත්වයක් එරට අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ ලබන මස 06වනදා දක්වාය. මිලියන 126 ක පමණ ජනගහනයක් වෙසෙන රටේ ප්‍රාන්ත 47 ම ආවරණය වන පරිදි මෙම හදිසි තත්ත්වය ක්‍රියාත්මක ය. අග්‍රාමාත්‍යවරයා විශේෂඥ වෛද්‍යවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී මේ බව පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ.
එසේම ජපාන රජය විසින් සියළුම පුරවැසියන්ට යෙන් 100,000 (ඩොලර් 930) ක මුදල් ආධාර ලබා දීමට ද තීරණය කර ඇත.
මීට පෙර කලාප හතකට පමණක් මාසයකට වැඩි කාලයක් සදහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරිමට ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ කටයුතු කළේය.
0 Comments