ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළුවෙක් වන රිෂි කපුර් අභාවප්‍රාප්තවී තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 67කි.
කපූර් 2018 දී පිළිකාවක් වැළඳී ඇති අතර නිව්යෝක් හි වසරක ප්‍රතිකාරයකින් පසු පසුගිය සැප්තැම්බර් මාසයේදී නැවත ඉන්දියාවට පැමිණියේය.
ස්වසන අපහසුතාවක් හේතුවෙන් පසු බදාදා උදෑසන ඔහුව මුම්බායි හි රෝහලකට ප්‍රතිකාර සදහා ඇතුලත් කර තිබුනි. එහි දී ඔහු මිය ගොස් ඇති බව වාර්තාවේ.
ඔහු, කපූර් රංගන රාජවංශයේ කොටසක් වූ අතර බොලිවුඩයේ හින්දි සිනමා කර්මාන්තයේ දීර්ඝ කාලයක් තිස්සේ ආධිපත්‍යය දැරීය.
මෙම නළුවා 1973 දී බොබී චිත්‍රපටයේ පළමු ප්‍රධාන චරිතය රඟපෑ අතර එය නව යොවුන් වියේ ආදර කතාවකි. ඔහු දශකයකට අධික කාලයක් අතිශය සාර්ථක ප්‍රේමාන්විත රංගනයක නිරත වූ නළුවෙක් ලෙස රිෂී කපුර් හැදින්විය හැකිය.
රිෂි කපූර් 1970 දී ළමා නළුවෙකු ලෙස ඔහුගේ පියා රාජ් කපූර්ගේ චිත්‍රපටය වන මේරා නාම් ජෝකර් චිත්‍රපටයෙන් රංගනයෙන් දායක විය.
හින්දිය චිත්‍රපට විශාල සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබාදුන් ඔහු ජනප්‍රිය නළු රන්බීර් කපුර් ගේ පියාද වේ.
රිෂි කපුර්ගේ මරණය සිදුවන්නේ බොලිවුඩ් නළු ඉර්ෆාන් ඛාන් අභාවප්‍රාප්ත වී දිනකට පසුව වීමද විශේෂත්වයකි.

0 Comments