Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඕස්ට්‍රේලියාවෙන් පුද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල තොගයක්

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් COVID-19 වසංගතයට එරෙහි ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවලට සහයෝගය දැක්වීමේ අරමුණින් යුතුව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා විසින් පුද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල තොගයක් පරිත්‍යාග කිරීම සිදු විය. 
 
අද (29) දින යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මහ කොමසාරිස්වරයා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවී මෙම පරිත්‍යාග කළේය.
 
ශ්‍රී ලංකාව පදනම් කරගත් ඕස්ට්‍රේලියානු සමාගමක් වන ඇන්සල් ‘Ansel’ ආයතනය ඕස්ට්‍රේලියානු ඩොලර් 150,000 වටිනාකමකින් පුද්ගලික ආරක්ෂක උපකරණ 10,200 ක් සහ අත්වැසුම් 200,000 කින් සමන්විත භාණ්ඩ තොගයක් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා විසින් නිල වශයෙන් පරිත්‍යාග කරන ලදී.
 
ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි (David Holly) මහතා සඳහන් කර සිටියේ තම රජය කොවිඩ් 19 වෛරසය මර්දනය කිරිම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙලට අඛණ්ඩව සහයෝගය දැක්වීමට ඕනම මොහොතක සූදානමින් සිටන බවයි.
 
මෙහිදි ඕස්ට්‍රේලියානු සහයෝගීතාවය සහ සුහදත්වයේ සංකේතය අගය කළ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, දෙරට අතර පවතින සුහදතාවය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට සිය සුබ පැතුම් එක් කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();