ළමා අපචාර චෝදනා හේතුවෙන් සිරගත කර සිටි ජ්‍යෙෂ්ටතම කතෝලික පූජකවරයා නිදහස් කෙරේ.
හිටපු වතිකානු භාණ්ඩාගාරිකවරයෙක්වන 78 හැවිරිදි කාදිනල් ජෝජ් පෙල්, ඕස්ට්‍රේලියානු අධිකරණයක් විසින් නිදහස් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
1990 දශකයේ දී පිරිමි දරුවන් දෙදෙනෙක් අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් ඔහු 2018 වසරේ දී සිරගත කෙරුණි.
කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු මහාධිකරණය විසින් අදාළ නඩු තීන්දුව අවලංගු කරමින් ඔහු නිදහස් කිරීමට තීරණය කර තිබේ. මෙම නඩු තීන්දුව දැඩි මතභේදවලට තුඩු දුන්නේ ජෝජ් පෙල්, පාප් වහන්සේගේ ජ්‍යෙෂ්ටතම උපදේශකවරයෙක් වශයෙන් සේවය කිරීම හේතුවෙනි.
0 Comments